Slider

බංග්ලාදේශ හිටපු අගමැතිනී ඇතුළු පිරිසකට නිදහස ලැබෙයි

0

 

බන්ධනාගාරගතව සිටි බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ඛලීඩා ෂියා නිදහස් කිරීමට එරට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂාබ්දීන් නියෝග කර ඇත්තේ සිරගතව සිටින විපක්ෂයේ සියලු දේශපාලඥයින් ඇතුළු ක්‍රියාකාරීන් ද නිදහස් කරන ලෙසයි.

බංග්ලාදේශයේ පවතින නොසන්සුන්තාව හේතුවෙන් ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද පැය කිහිපයකට වසා දැමීමට පියවර ගෙන තිබුණා.

විරෝධතාකරුවන් විසින් බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මෂ්‍රපි බින් මොර්ටාසාගේ නිවසට ද ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විරෝධතාකරුවන් එරට අග්‍රාමාත්‍ය නිල නිවසට සහ එරට පාර්ලිමේන්තුවට ද ඇතුළු වී දැඩි අලාභ හානි සිදුකර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූ ෂෙයික් හසීනා ඉන්දියාවට පළා ගොස් ඇති අතර ඇය නැවත වරක් දේශපාලනය නොකරනු ඇති බව ඇයගේ පුත්‍රයා ප්‍රකාශ කර තිබෙනවා.




0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas